ගයාන් ගාල්ලගේ l
පාර්ලිමේන්තු කිසිදු කමිටුවකට හෝ කාරක සභාවකට ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජනබලවේගය) සහභාගි නොවීමට තීරණය කර තිබේ.
එයට හේතුව වන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය විකෘති වී ඇති මොහොතක එවන් සහයක් ලබාදීම කිසිදු ප්‍රතිඵලය නැති බව එම පක්ෂය අදහස් කරන නිසා බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ මින් ඉදිරියට මැතිවරණයක් වෙනුවෙන් සටන් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.