2022 අගෝස්තු 21 වන ඉරිදා

අලුත් කැබිනට් අපේක්ෂකයෝ

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 73

I දේශපාලන වාර්තාකරු

ඉදිරි සතියේ පත්කෙරෙන නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙතැයි අපේක්ෂා කරන අයගේ නාමලේඛනයක් නිල නොවන වශයෙන් හුවමාරු වෙමින් පවතී.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, වජිර අබේවර්ධන, ධම්මික පෙරේරා, එස්.බී. දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ චරිත දෙකක්ද මෙම ලේඛනයට ඇතුළත් වන බව වාර්තා වෙයි. සුළු පක්ෂ නියෝජනය කරමින් මනෝ ගනේෂන්, ඒ.එල්.එම්. අතාවුල්ලා හා ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ද අමාත්‍ය මණ්ඩලයට එක්වනු ඇතැයි වාර්තා වෙයි.