I ගයාන් ගාල්ලගේ
විදුලි බිල සම්බන්ධයෙන් යම් සහනදායී වැඩපිළිවෙළක් සකස් නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ගයකට යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා දේශයට පැවසීය.
මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල ඉහළ දැමීම 75%කි යැයි කීවත් සැබැවින්ම එය 280%කින් පමණ ඉහළ දමා ඇති බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ පාර්ශ්ව සමඟ විදුලි බිල සංශෝධනය සඳහා සාකච්ඡා පවත්වමින් යන බවද හෙතෙම සඳහන් කළේය.