2022 අගෝස්තු 14 වන ඉරිදා

නව ගාස්තු එක්ක ලංවිම පාඩුව ඉවරයි

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:01 157


නව විදුලි සංශෝධන ගාස්තුවත් සමඟ මින් ඉදිරියට කිසිදු ආකාරයකින් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

මෙතෙක් කාලයක් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස සටහන් වුවත් වර්තමාන විදුලි සංශෝධනය සිදු කළේ ඒ පාඩුව නැවත ඇති නොවීමට බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් මහජනයා විසින් ලබා දුන් යෝජනාවලට අනුව ඇතැම් ක්ෂේත්‍ර සඳහා සහන ලබා දුන් බවද ඒ මහතා කීය.

ගයාන් ගාල්ලගේ l