2022 ජුලි 31 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට නිල ඇරයුමක්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 50

දේශපාලන වාර්තාකරු l

තම නායකත්වය යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස මැතිසබය නියෝජනය කරන සියලු පක්ෂවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ආරාධනා කරනු ඇතැයි වාර්තා වෙයි. පසුගිය සිකුරාදා පක්ෂ නායකයන් වෙත විශේෂ ලිපියක් මගින් ජනාධිපතිවරයා මෙම ආරාධනය කිරීමට නියමිතව තිබිණි.

 

එම ආරාධනය මඟින් ඉල්ලා සිටින්නේ සර්ව පාක්ෂික රජයකට එක්වන ලෙස සහ ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ පක්ෂවල යෝජනා ලිඛිතව හැකි ඉක්මනින් තමන් වෙත දැනුම් දෙන ලෙසය. එම යෝජනා ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඉදිරි දෙසතිය තුළ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා නව ආණ්ඩුව ස්ථාපිත කළ යුතු ආකාරය ගැන තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00