2022 ජුලි 17 වන ඉරිදා

අලුත් ආණ්ඩුව නව ජනපති තේරීමෙන් පසුවයි - කතානායක

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:03 121

දේශපාලන වාර්තාකරු I

ලබන 20දා පත්වන නව ජනාධිපතිවරයාගේ ප්‍රථම වගකීම නව අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

එතෙක් පැවැති ඇමැති මණ්ඩලයම වැඩබලන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී පත් කෙරෙන ආණ්ඩු සර්ව පාක්ෂික ආණ්ඩුවක් විය යුතු යැයි මෙයට පෙර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ හමුවේදී තීන්දු වූ බවද කතානායකවරයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00