2022 ජුලි 17 වන ඉරිදා

එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඕනෑ - සර්ව පාක්ෂික අරගලකරුවෝ

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 64

දේශපාලන වාර්තාකරු I

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවැරදි දේශපාලනික බලය හුවමාරුවක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන ලෙස ඉල්ලා ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබාදීමට සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් තීරණය කර තිබේ.

විශේෂයෙන් මේ මොහොතේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ රජය විසින් මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින අතර එය තව තවත් ඉහළ යා හැකි නිසා මෙලෙස ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව සර්ව පාක්ෂික අරගලකරැවෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙත යෝජනා කරන ලිපිය මේ සති අන්තයේ සර්ව පාක්ෂික අරගලකරැවන් විසින් ලබාදීමට නියමිතව ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00