2022 ජුලි 10 වන ඉරිදා

ඩොලර් කෝටි 9700ක් ලංකාව ණයයි

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 10:00 148


I ව්‍යාපාරික වාර්තාකරු

පසුගිය වසරේ (2021) දෙසැම්බර් මස 31දා වනවිට ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් කෝටි 9700ක ණය බරකට යටත්ව සිටින බව ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් ණය විගණනයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද ජාත්‍යන්තර මූල්‍ය උපදේශක සමාගම වන ප්‍රංශයේ ''ලැසර්ඩ්ස්'' ආයතනය විශේෂ වාර්තාවක් මගින් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රටේ ණය බර සම්බන්ධයෙන් වාර්තා කිරීමටත් මෙම ණය විගණනය කරනු ලැබීය. එම විගණන වාර්තාව අනුව 2021.12.31 වනවිට ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 4700ක (බිලියන 47) විදේශ ණයකට යටත් වී සිටින බව වාර්තා වෙයි. එසේම තවත් ඩොලර් කෝටි 5000ක (බිලියන 50ක) දේශීය ණයකටද යටත්ව සිටී. මෙම ඩොලර් බිලියන 50ක ණය මුදල මේ වනවිට තවත් ඉහළ ගොස් ඇත. ඊට හේතුව 2021.12.31දා ණය විගණනය කරන විට ඩොලරයක වටිනාකම රුපියල් 203/-ක් පමණ වීමය. එහෙත් දැන් ඩොලරයක වටිනාකම රුපියල් 355/-ක් පමණ වෙයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00