2022 ජුලි 10 වන ඉරිදා

මැති ඇමැතින්ට ආණ්ඩුවෙන් තෙල් කූපන්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 53

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරයාගේ නියමයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීන්ට තෙල් කෝටාවක් ලබාදීම සඳහා විශේෂ අවසර පතක් නිකුත් කර තිබේ. එම අවසර පත පෙන්වා තමන් පදිංචි ප්‍රදේශයේ ඇති යුද හමුදා කඳවුරෙන් සතියකට මැති ඇමැතින්ගේ වාහන දෙකක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කෙරෙයි. ඒ සඳහා පවතින වෙළෙඳපොළ මිල ගෙවිය යුතුය.

පසුගිය සතියේ මෙම තෙල් අවසර පත්‍රය ලබාදීමත් සමඟ ආණ්ඩුවේ මැති ඇමැතින් සියලු දෙනාම සහ විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීන් විශාල පිරිසක් අදාළ අවසර පත්‍ර ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00