දේශපාලන වාර්තාකරුI
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා යාපනයේ සිට කොළඹට පැමිණ අදාළ රාජකාරි හමාරකොට නැවත යාපනයට යාමට රුපියල් 92,000 (අනූ දෙදහසක) ඉන්ධන වැයවන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීන් කතානායකවරයාට පැමිණිලි කර තිබේ.
එසේම අම්පාර සිට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරයකුට එක් ගමනක් සඳහා රුපියල් 66,000 (හැටහය දහසක) ඉන්ධන වැයවන බවටත් දැනුම් දී ඇත. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට එක් ගමනක් සඳහා රුපියල් 75,000ක (හැත්තෑ පන්දහසක) ඉන්ධන වියදමක්ද මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට එක් වරක් මැතිසබයට පැමිණ නැවත පිටත්ව යාම සඳහා රුපියල් 54,000ක (පනස්හතර දහසක) ඉන්ධන වැයවන බවත් දන්වා තිබේ. මෙම අධික ඉන්ධන වියදම මැතිසබයෙන් ලැබෙන ඉන්ධන දීමනාවෙන් පියවාගත නොහැකි බැවින් එම ගැටලුව විසදා දෙන මෙන්ද ඔවුන් කතානායකවරයාට දන්වා ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීන්ට තවමත් ගෙවනු ලබන්නේ ඩීසල් ලීටරයකට රැපියල් 111/- ක මුදලකි. එහෙත් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලබාදීමේදී පවත්නා වර්තමාන වෙළෙඳපොළ මිල ගෙවන බවද එම මන්ත්‍රීන් සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.