2017 මැයි 13 වන සෙනසුරාදා

ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථා යෝජනා දෙසතියකින්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50


යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධ ශ්‍රී.ල.නි.ප.යේ යෝජනා දෙසතියක් තුළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

නව ව්‍යවස්ථා සකස් කිරීමට පත්කළ මෙහෙයුම් කමිටුව විසින් තමන්ගේ මූලික යෝජනා ඒ ඒ පක්ෂවලට දැන් යොමුකර ඇත. ප්‍රධාන වගන්ති ගණනාවක් සඳහා විකල්ප යෝජනා ගණනාවක් එහි ඇතුළත් බව වාර්තා වෙයි. 

මේ ගැන අධ්‍යයනය කොට ශ්‍රීල.නි.ප. මතය ප්‍රකාශ කරනු ඇත. කෙසේ වෙතත් ජනමත විමසුමකට තුඩුදෙන යෝජනා කිසිවක් නොපිළිගැනීමට ශ්‍රීල.නි.ප.ය කල්තබාම තීන්දු කර තිබිණි. 

I දේශපාලන වාර්තාකරු