2022 ජුනි 26 වන ඉරිදා

චන්ද්‍රිකාගෙනුත් නව සන්ධානයක්

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 72

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට තිරය පිටුපස දේශපාලන සාකච්ඡාවක් ආරම්භ කර ඇත.එහෙත් හිටපු ජනාධිපතිනිය එහි නිල නායකත්වය නොදරන අතර නායකත්ව මණ්ඩලයක් විසින් පක්ෂය මෙහෙයවනු ඇතැයි දැනගන්නට තිබේ.

දේශයට ලැබුණු විශ්වාසදායක ආරංචි මාර්ග අනුව මෙම සන්ධානය සඳහා මේ වනවිට ආරාධනා ලැබුවන් අතර හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ද වන බව සඳහන්ය. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද සන්ධානයේ ඉහළම තනතුරකට පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.