
මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 20 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමත් සමග ඉතා නුදුරු දිනකදී මධ්‍යම පළාත් සභාව තුළ දැවැන්ත බල පෙරළියක් සිදුකරන බව, මධ්‍යම පළාත් සභා ආණ්ඩු පක්ෂ (එජනිස, ශ්‍රීලනිප) මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (09) මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
මධ්‍යම පළාතේ ජනතාවගේ පොදු ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් ලබාදීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා පාරට බැස හඬක් නැගීමටත් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සූදානම්ව සිටින බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. මින් ඉදිරියට මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය තුළ රැඳී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට පූර්ණ සහාය පළකරමින් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසිදෙනා ක්‍රියාකරන බවද එම මන්ත්‍රීවරුන් පැවසූහ.
l ජේ.ඒ.එල්. ජයසිංහ