2022 ජුනි 12 වන ඉරිදා

එනවා කියූ යූරියා තොගය මේ මස අගදී එයි?

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 35

I දේශපාලන වාර්තාකරු

ඉන්දීය ණය සහන ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සැපයෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක තොගය මෙම මස (ජූනි) 27දා වනවිට කොළඹට ලැබෙනු ඇතැයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

අමෙරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ අනුමැතිය අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අනුමැතිය මේ සඳහා ලබාගැනීමට සිදුවූයේ එරටින් රසායන පොහොර හෝ වෙනත් රසායන ද්‍රව්‍ය අපනයනය තහනම් කර ඇති නිසාය. අගමැති මෝදිගේ අනුමැතිය අනුව මේ සඳහා ඉන්දීය රජය වෙනම ණය ක්‍රමයක් සකස් කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවට යූරියා සැපයෙන්නේ ඕමාන රාජ්‍යයෙනි. එම පොහොර තොගය ලබන 18දා නැව්ගත කෙරෙන බවද දිල්ලි මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව නවදිල්ලියේ ශ්‍රී ලංකා කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සහ එරට විදේශ ඇමැති එස්. ජයශංකර් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකාව පොහොර සැපයීමට ඉන්දීය රජය එකඟතාව පළ කළේය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00