2022 ජුනි 12 වන ඉරිදා

මාස තුනට තෙල් ගෑස් ඉල්ලා උද්ඝෝෂණ 3516 ක්!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:04 57

I ආරක්ෂක වාර්තාකරු 

ගතවූ මාස 3ක කාලය තුළ රටේ විවිධ පළාත්වල ගෑස්, ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඉල්ලා උද්ඝෝෂණ 3516 ක් සිදුවූ බව නවතම පොලිස් වාර්තා පෙන්වා දෙයි. පසුගිය මාර්තු මස 7දා සිට ජූනි මස 08 දක්වා ගතවූ මාස තුනේ දිවයින පුරා වැඩිම උද්ඝෝෂණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගෑස් වෙනුවෙනි. එම සංඛ්‍යාව 1185 කි. 

පෙට්‍රල් ඉල්ලා උද්ඝෝෂණ 1173ක්ද ඩීසල් ඉල්ලා උද්ඝෝෂණ 1005ක්ද භූමිතෙල් ඉල්ලා උද්ඝෝෂණ 153ක්ද එම කාලය තුළ සිදුවූ බව වාර්තා වෙයි.

මෙයින් වැඩිම උද්ඝෝෂණ සිදුවූ කාල වකවානුව වන්නේ මැයි මස 02 සිට මැයි මස 08 දායින් අවසන් වූ සතියයි. එම සතිය තුළ රටපුරා මෙකී උද්ඝෝෂණ 1111 ක් සිදුවූ බව එම පොලිස් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. අදාළ උද්ඝෝෂණ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනගහණයක් සහභාගි වී සිටි බවද සඳහන්ය.