2022 මැයි 22 වන ඉරිදා

තෙල් සභාපති, රහස් පොලිස් ලොක්කා ඉවත් වෙයි!

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 63

දේශපාලන වාර්තාකරු I

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා සිය තනතුරෙන් ඉවත් වන බවත් ඒ සඳහා පොලීසියේ වෙනත් සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙසත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00