2022 මැයි 01 වන ඉරිදා

නව නියෝජ්‍ය කතානායක අනුර යාපා?

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 65

I දේශපාලන වාර්තාකරු

රන්ජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගයෙන් පත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. ඔහු දැන් සිටින්නේ පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීන වූ මන්ත්‍රීන් කණ්ඩායමේය.

මෙයට පෙර පොහොට්ටුවෙන් මෙම පදවිය සඳහා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර තිබිණි. එහෙත් ඔහු තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වන්නේ නිතරගයෙන් පත්විය හැකිනම් පමණක් යැයි පූර්ව කොන්දේසියක් පනවා තිබිණි. ඒ අතර ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අනුර යාපා මහතාගේ නම යෝජනා කළේය. මේ නිසා ඩිලාන් පෙරේරා මහතා තරග නොකිරීමට තීන්දු කළ බව දැනගන්නට ඇත.

ඩිලාන් පෙරේරා පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවන්නේ නම් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට පොහොට්ටුව තීන්දු කර තිබේ. සමගි ජන බලවේගයද නියෝජ්‍ය කතානායක පදවිය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට කීය.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කතානායක තනතුර සඳහා සුදුස්සෙක් පත්කර ගැනීමට නියමිතය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00