2022 මැයි 01 වන ඉරිදා

පොහොට්ටුවෙන් කැඩුණු කට්ටියෙන් අලුත් පක්ෂයක් - නායකත්වයට ප්‍රබලයෙක්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:03 680

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ සිට මේ වනවිට ස්වාධීනත්වය ප්‍රකාශ කර ඇති මන්ත්‍රීන් විසින් ඉදිරි මහා මැතිවරණය අරමුණු කරගෙන නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමට තීන්දු කර ඇත. දේශයට විශේෂ ප්‍රකාශයක් කළ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව අනාවරණය කළේය.

එහි නායකත්වය භාරගන්නා ලෙස වත්මන් රජයේ උසස්ම පදවියක් හොබවන ජ්‍යෙෂ්ඨ නායකයකුට ආරාධනා කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය. එහෙත් එම නායකයාගේ නම දැන්ම හෙළිදරව් නොකරන වගද අදාළ ප්‍රකාශකයා පැවසීය.

පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ ලෙස ක්‍රියාත්මක වූ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ නව දේශපාලන පක්ෂය සමඟ ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර ඇතැයිද සඳහන්ය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00