2022 අප්‍රේල් 03 වන ඉරිදා

ඩොලර් දුන්නත් අපට ඩීසල් නෑ - කටුනායක කම්හල් ලොක්කෝ කියති

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 50

I ව්‍යාපාරික වාර්තාකරු

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් රැසක් ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් ගෙවා ඉන්ධන මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති නමුත් එහි ඩීසල් හිඟය නිසා එලෙස හෝ ඉන්ධන නොලැබෙන බව ප්‍රධාන පෙළේ කම්හල ප්‍රධානීහු ගණනාවක් දේශයට පැවසූහ.

නම් ගම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි එක් කම්හල් ප්‍රධානියකු අප සමඟ පැවසුවේ තම සමාගමේ සේවකයන් 2000ක් පමණ සතියේ දින 7ම පැය 24 සේවයේ යෙදෙන බැවින් දෙසතියකට තම ආයතනයට ඩීසල් ලීටර් 36,000 ක් (තිස්හය දහසක්) අවශ්‍ය බවය.

තවත් ආයතන ප්‍රධානියකු කියා සිටියේ තම කම්හලට දිනකට ඩීසල් ලීටර් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවය.
මේ සියලු ඉන්ධන ඇණවුම් සඳහා ඩොලර්වලින් මුදල් ගෙවීමට සූදානම් බව තම ආයතන ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දුන් බව සඳහන් කළ අදාළ සමාගම් ප්‍රධානීහු පවත්නා ඩීසල් හිඟය නිසා ඩොලර් ගෙවා ඉන්ධන ඉල්ලුම් කරන්නන්ටද පොරොත්තු ලේඛනයක රැඳී සිටින්නට සිදුව ඇති බව සඳහන් කළහ.

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00