2022 අප්‍රේල් 03 වන ඉරිදා

ණය අවුල ලිහාගන්න රට මොළයක්

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 67

I චමිඳු නිසල් ද සිල්වා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය විසඳ ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයකු කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාර්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය කැඳවූ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

එම විශේෂඥයා තෝරාගැනීම සඳහා සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු හෙළිදරව් කළ පරිදි මෙම කමිටුවට අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන පිරිස ඇතුළත්ව සිටිති.

විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය ණය අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයකු තෝරාගැනීම සඳහා මෙම කමිටුව පත්කර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂඥයකු තෝරාගැනීමට පවා කමිටුවක් පත්කිරීමට සිදුවීම හරහා අර්බුදයේ බරපතළ බව පෙනී යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00