2022 මාර්තු 27 වන ඉරිදා

ගෑස් පෝලිම් වැඩිම බස්නාහිර පළාතේ

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 89

I ගයාන් ගාල්ලගේ

ගෑස් සඳහා වැඩිම පෝලිම් ඇත්තේ බස්නාහිර පළාත තුළ බව දැනගන්නට ඇත. එයට හේතු වී ඇත්තේ වැඩිම තට්ටු නිවාස සංඛ්‍යාවක් තිබෙන්නේ බස්නාහිර පළාතේ බැවිනි.

මේ අතර බලශක්ති අමත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ පවත්නා අර්බුදය තවත් සතියක් තුළ විසඳනු ලබන බවයි. කෙසේ වෙතත් දැනට ඇතිව තිබෙන ගෑස් අර්බුදය මැඩපැවැත්වීම සඳහා දිනකට ගෑස් සිලින්ඩර 80,000 ක් වන නිෂ්පාදනය 100,000 දක්වා ඉහළ දමා ඇතැයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. එසේ වුවත් පසුගිය සති තුනක කාලයක් ජනතාවට ගෑස් නිසි ලෙස සැපයීමට නොහැකිවීම නිසා දෛනික ගෑස් ඉල්ලුම සිලින්ඩර 1,30,000 ක් පමණ වන බව පාරිභෝගික සංවිධාන පවසයි. එම නිසා තවදුරටත් ගෑස් පෝලිම් දක්නට ලැබේ. ඒ අතර ලිට්‍රෝ සමාගම ඉදිරි දින 10 තුළ ගෑස් සිලින්ඩර දස ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

මේ වනවිට පෙට්රල් ෂෙඩ් සහ ගෑස් අලෙවි සල් සඳහා දැඩි ආරක්ෂාවක් යෙදවීමටද රජය තීරණය කර තිබේ.