2022 මාර්තු 20 වන ඉරිදා

වරද ජනපතිගේ නොවේ යහපාලනයේ! - එස්. බී. දිසානායක

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 86

I ගයාන් ගාල්ලගේ

අද ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොව යහපාලන ආණ්ඩුව බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

ඒ කඩා වැටීමට තමන්ද වගකිව යුතු බවත් එහෙත් එයට සම්පූර්ණයෙන් යහපාලන රජයේ හිටපු අගමැතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා වගකිවයුතු බවත් අමාත්‍යවරයා කීවේය. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් බව ඔහු වැඩිදුරටත් කීය.

එහෙත් මේ අර්බුදය තවත් මාස තුන හතරකින් විසඳන බව අමාත්‍යවරයා සඳහන් කළේය.