
දේශපාලන වාර්තාකරු l
දිගින් දිගටම පමාවූ අමාත්‍ය මණ්ඩලවල සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මෙතෙක් අමාත්‍ය මණ්ඩල සංශෝධනය පමාවූයේ එ.ජා.ප.ය හා ශ්‍රී.ල.නි.ප.ය අතර ඒ ගැන එකඟත්වයක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසාය.
යම් යම් අමාත්‍යවරුන්ගේ විෂයයන් වෙනස් කළොත් ඔවුන් දූෂිතයන් ලෙස හංවඩු ගැසෙන බැවින් ඇමැති සංශෝධනය කිසිවකුට අසාධාරණයක් සිදුනොවන ලෙස සිදුකළ යුතු බව එ.ජා.ප.ය දිගින් දිගටම පෙන්වාදී තිබිණි.
මේ නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මුළු අමාත්‍ය මණ්ඩලයම වෙනස් කළයුතුය යන්න අලුතෙන් ඉදිරිපත්වූ යෝජනාවයි. නව පත්කිරීම්වලදී ඒ ඒ පක්ෂවලට වෙන්කරදී තිබූ අමාත්‍ය විෂයන් මාරු කරන්නේ නම් එම විෂයන් අදාළ පක්ෂය තුළම හුවමාරු කළ යුතු යැයිද නව යෝජනාවේ සඳහන්ය.
මෙම යෝජනාව ගැන පසුගිය දින කිහිපය තුළ එ.ජා.ප. සහ ශ්‍රී.ල.නි.ප. ප්‍රධානීන් අතර තිරය පිටුපස සාකච්ඡා සිදුවී ඇත. කෙසේ හෝ මේ ගැන තීරණයක් ගතහොත් ලබන 10 දාට පෙර අමාත්‍ය මණ්ඩලවල සංශෝධනය සිදුවීමට ඉඩ ඇතැයි සඳහන්ය. නව අමාත්‍ය සංශෝධනයේදී දෙපක්ෂයේම අලුත් මුහුණු ගණනාවක් කැබිනට් මණ්ඩලයට එක්වීමට ඉඩ ඇතැයි ද වාර්තාවෙයි.