2022 මාර්තු 06 වන ඉරිදා

විදෙස් ශ්‍රමිකයන්ගේ ඩොලර් එකට රුපියල් 240ක් දෙන්න - කම්කරු ඇමැති

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 09:59 55

විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් සඳහා අවම වශයෙන් අමෙරිකානු ඩොලර් එකක් සඳහා රුපියල් 240ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් ඊළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වියදම් කිරීම සඳහා වැඩිපුර මුදල් එවීම සාමාන්‍යයෙන් සෑම වසරකම සිදුවන්නකි. එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඩොලරය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හමුවේ බොහෝ විදෙස් ශ්‍රමිකයන් සිය මුදල් මෙරටට එවනු ලබන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගවලිනි. එම තත්ත්වය නිසා මේ වන විට මෙරට විදෙස් සංචිතවලට විශාල බලපෑමක් එල්ල වී ඇත.

අවම වශයෙන් අමෙරිකානු ඩොලරයකට රුපියල් 240ක්වත් ගෙවන්නේ නම් විදෙස් ශ්‍රමිකයන් මෙරට බැංකු හරහා සිට මුදල් මෙරටට එවීමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා පවසයි.