2022 මාර්තු 06 වන ඉරිදා

ගොවීන්ගේ තෙල් බූලිවලට පොලිස් මුර

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 48

I ආරක්ෂක වාර්තාකරු

ගොවි ජනතාව තමන්ගේ අවශ්‍යතා සඳහා බූලිවලින් ඉන්ධන රැගෙන යාමේදී ඔවුනට අවශ්‍ය නම් ආරක්ෂාව සපයන ලෙස පොලිස් මූලස්ථානය පොලිසිවලට නියෝග කර ඇත.

එසේම සංචාරකයන් රැඳී සිටින හෝටල් සහ වෙනත් නවාතැන් පොළවලට, සංචාරක වාහනවලට ඉන්ධන සපයා ගැනීම ආදී කටයුතුවලදීත් පොලීසිය ඔවුනට ප්‍රමුඛතාව දී අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

මේ හැර ඉන්ධන පිරවුම්හල්වලට හා ඉන්ධන පෝලිම්වලටද දැනටමත් පොලිස් ආරක්ෂාව සපයා ඇත. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලදී දේශපාලනඥයන් සිය රථවලට ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථා ගණනාවකදී ඔවුනට ජනතා විරෝධය එල්ල වූ බවටද වාර්තා වී ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00