2017 මැයි 06 වන සෙනසුරාදා

මහින්දගේ ආරක්ෂාව අඩුකළේ තක්සේරුවකින් පසුවයි - කතානායක

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169


l දේශපාලන වාර්තාකරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක භටයන් 42 දෙනෙක් ඉවත් කිරීම සිදුකළේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ තක්සේරුවකින් පසුව බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා තමන්ට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා දේශයට පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය මේ ගැන තමන් දැනුම්වත් කළ පසු අමාත්‍ය රත්නායක මහතා සමඟ සාකච්ඡා කළ බව කී කතානායකවරයා මහින්ද රාජපක්ෂ මහතාට විධිමත් ආරක්ෂාවක් ලබාදීම සහතික කරන බවත් ඒ ගැන ළඟදීම කරුණු පැහැදිලි කරන බවත් පැවසීයැයි කතානායකවරයා වැඩිදුරටත් කීය.