2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10න් විකල්ප යෝජනා

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ 10ක එකතුවෙන් රට ගොඩනංවන විකල්ප වැඩපිළිවෙළක් එළඹෙන මාර්තු 2දා තලවතුගොඩ මොනාච් හෝටලයේදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

පවත්නා ආර්ථික හා බලශක්ති අර්බුදයන්ගෙන් රට ගොඩගැනීමට විකල්ප කරුණු 10ක්  ඔස්සේ වැඩසටහනක් එම පක්ෂ විසින් යෝජනා කෙරෙන බව වාර්තා වෙයි.

මේ සඳහා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවය පළ කර නැති අතර ඒ සම්බන්ධයෙන් එම පක්ෂය දැනුවත් කිරීමක් පසුගිය බ්‍රහස්පතින්දා සවස සිදුවිය. ඊට සහභාගි වූයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ය.

කෙසේ වෙතත් බොහෝ විට මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.