2017 මැයි 06 වන සෙනසුරාදා

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 11ක් ඒකාබද්දෙට

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54


l ජේ.ඒ.එල්. ජයසිංහ

මධ්‍යම පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මෙම මන්ත්‍රීවරු එකොළොස් දෙනා ඍජුව ඒකාබද්ධ විපක්ෂයට සහාය ලබාදෙන බව මධ්‍යම පළාත් සභාවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස හිටපු පළාත් සභා ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (එජනිස) කටයුතු කරනු ඇතැයි පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.