2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

අධිභාර බද්දට නඩුවක්

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

I සංජීවිකා සමරතුංග

රුපියල් බිලියන දෙකකට (කෝටි 200ක්) වඩා ලාභ උපයන සමාගම්වලින් 25%ක අධිභාර බද්දක් අයකිරීමට එරෙහිව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් ගණනාවක් අධිකරණයේ නඩු පැවරීමට සූදානම් බව නම් සඳහන් නොකළ ව්‍යාපාර සමාගම් ප්‍රධානීන් කිහිප දෙනෙක් දේශයට පැවසූහ.

මෙම සමාගම් ප්‍රධානීන් පවසන ආකාරයට සමාගම් 62ක් මත මෙම බද්ද පැනවෙන බව කීවත් සැබවින්ම එය සමාගම් හාරසීයකට පමණ බලපවත්වන බව සඳහන් වෙයි. මෙයින් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ විදේශයන්හි මූලස්ථාන සහිත ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් ගණනාවක් බව වැඩිදුරටත් සඳහන් වෙයි. ඔවුන් මේ ගැන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කිරීමට සැලසුම් කර ඇතැයි ද කියැවේ. 

බද්ද අයකිරීමේදී සිය සමාගම්වල අලාභය අඩු කරන්නට ඉඩ නොදීම, සෑම සමාගමක් කෙරෙහිම සමානව මෙම නීතිය ක්‍රියාවේ නොයෙදවීම වැනි හේතු නිසා අධිභාර බදු ප්‍රශ්නය අධිකරණයෙන් විසඳා ගැනීමට අදාළ සමාගම් තීන්දු කළ බවද මේ ගැන අප වෙත කරුණු දැක්වූ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ අතර සමාගම් ගණනාවක් තවත් විශේෂ තීන්දුවක් ගනිමින් තම සමාගම්වල වාර්ෂික ගිණුම් වාර්තා මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් නොකිරීමටද තීරණය කර තිබේ.