I සංජීවිකා සමරතුංග
පාසල් නැවත විවෘත කිරීමත් සමඟ කොවිඩ් රෝගය ව්‍යාප්තවීමේ අනතුරක් ඇති බැවින් වයස අවුරුදු 12ට වැඩි සියලු පාසල් දරුවන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබාදිය යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා දේශයට පැවසීය.
සමාජයේ ඇතැමුන් පතුරවන මිත්‍යා මත නිසා කොවිඩ් එන්නත ලබා නොගත් අයට කඩිනමින් එන්නත ලබාගන්නා ලෙස දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. රජය විශාල මුදලක් වැයකොට මෙරටට ආනයනය කරනු ලබන කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබාගැනීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් හා වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.
මෙම එන්නත නොමිලේ ලබාදෙන බැවින් ඇතැමුන්ට එහි අගයක් නැති වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා එන්නත් මාත්‍රා තුන ලබාගත් පුද්ගලයන්ට කොවිඩ් රෝගය වැළඳීමේ අවදානම ඉතා අවම බව සඳහන් කළේය. යම් හෙයකින් රෝගය වැළඳුණත් එය සෙම්ප්‍රතිශ්‍යා මට්ටමින් ඔබ්බට නොයන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් කීය.
කොවිඩ් එන්නත් මාත්‍රා තුන සම්පූර්ණ නොකළ, ඇදුම වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට කොවිඩ් වැළඳීමෙන් අවදානම් සහගත තත්ත්ව සහ සංකූලතා ඇතිවිය හැකිය. එමෙන්ම මේ දිනවල ඩෙංගු රෝගයද බහුලව පැතිර යන නිසා ඉතා සැලකිලිමත් වන ලෙසත් දින දෙකකට වඩා උණ තත්ත්වයක් පවතී නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉල්ලීමක් කළේය.