ගයාන් ගාල්ලගේ l
2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනා රැසක් යටතේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළහ.
අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ මෙම නඩුවේ විත්ති වාචිකය නොකැඳවාම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එහිදී දෙදෙනාටම විරුද්ධව මිනීමැරුම් චෝදනා ද ගොනුකර තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවති මූලික නඩු විභාගයේදී හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතාය. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රොෂාන් දෙහිවල ඇතුළු නීතිඥ පිරිසකි.
නාමල් බලල්ලේ (සභාපති), ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය මෙම නඩුව විභාග කළහ.