2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

රිජ්වේ රෝහලේ වාට්ටු 4ක කොවිඩ් දරුවෝ

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

I සංජීවිකා සමරතුංග

දරුවන් අතර කොවිඩ් වසංගතය පැතිරීම දෙසතියක කාලයක සිට යම් දුරකට වේගවත් වී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දේශයට පැවසීය.

දැනට රිජ්වේ ළමා රෝහලේ ප්‍රධාන වාට්ටු හතරක් කොවිඩ් වැළඳුණු දරුවන් වෙනුවෙන් වෙන්කර තිබේ. එම වාට්ටු හතරෙහි දරුවන් 80 දෙනකු පමණ නිතිපතා ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රෝගය වළක්වා ගැනීම සඳහා තිබෙන එකම ක්‍රමවේදය එන්නත්කරණය බව පැවසූ හෙතෙම වයස අවුරුදු 16ට වැඩි දරුවන් සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදුකෙරෙන බැවින් ඒ සඳහා උනන්දු වන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00