ව්‍යාපාරික වාර්තාකරු l
විදේශීය ශ්‍රමිකයන්ගෙන් රටට ලැබිය යුතු ඩොලර් ආදායම නීති විරෝධී ලෙස රටට අහිමි කිරීමේ යෙදී සිටින උණ්ඩියල් ව්‍යාපාරිකයන් පිරිසකට මෙරට විනිමය පාලන නීතිය උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීන්දු කර ඇත. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකරන ව්‍යාපාරිකයන් 4 දෙනකු හඳුනාගෙන තිබේ. ඒ 4 දෙනාට ඉදිරි සති කිහිපය තුළ නඩු පැවරෙයි.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදුකළ පරීක්ෂණවලින් මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකරන ව්‍යාපාරිකයන් 4 දෙනකු හඳුනාගෙන තිබේ. ඒ 4 දෙනාට ඉදිරි සති කිහිපය තුළ නඩු පැවරෙයි.
මහ බැංකුව දැනට ගණන් බලා ඇති ආකාරයට වසරකට මෙකී නීති විරෝධී උණ්ඩියල් ජාවාරම මගින් රටට අහිමි කරන ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1800ක් පමණය.
මෙම ජාවාරම සිදුකරන අය වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ මැද පෙරදිග ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බහුලව සිටින රටවලයි. ඔවුන් එහිදී සිදු කරන්නේ ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම සඳහා සැරසෙන විට මේ රටේ පවතින නිත්‍යානුකූල විනිමය අනුපාතයට වඩා වැඩිපුර රුපියල් ගෙවා අදාළ ඩොලර් මිලදී ගැනීමයි. උදාහරණයකට ඩොලරයක මෙරට රුපියල් වටිනාකම රුපියල් 200/- නම් උණ්ඩියල් ජාවාරම්කරුවෝ ඒ සඳහා අදාළ රටේදී රු.215/- ගෙවති.
එලෙස වැඩි මිලට ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ලබාගන්නා ජාවාරම්කරුවන්ගේ කොළඹ සිටින ව්‍යාපාරික නියෝජිතයා එම මුදලේ වටිනාකම අදාළ ශ්‍රමිකයාගේ මෙරට බැංකු ගිණුමේ රුපියල්වලින් තැන්පත් කරයි. එවිට රටට ලැබිය යුතු ඩොලර් ආදායම ඉබේම අහිමි වෙයි. මෙසේ උණ්ඩියල්කරැවන් එකතු කර ගන්නේ රටට නීත්යානුකලව ලැබිය යුතු ඩොලර් ආදායමයි. එම මුදල් වෙනත් ජාවාරම් සඳහා උණ්ඩියල්කරුවෝ උපයෝගී කරගනිති.
දැනට මහ බැංකුව පවසන්නේ දල වශයෙන් මසකට ඩොලර් මිලියන 150ක් මේ ජාවාරම නිසා රටට අහිමිවන බවය. (වසරකට ඩොලර් මිලියන 1800ක්) එම නිසා මෙලෙස මුදල් හුවමාරු වන බැංකු ගිණුම් හඳුනාගෙන අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් උණ්ඩියල් ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් මහ බැංකුව තීන්දු කර ඇත.