2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

අස්වූ ප්‍රමිතගේ තනතුර ගන්න පොරයක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා කර්මාන්ත ග්‍රාම සංවර්ධන යෞවන කටයුතු හා වනිතා කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එකී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් කීප දෙනකු එම ඇමැති ධුරය තම දිස්ත්‍රික්කයට ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් ශීතල යුද්ධයක නිරත වී සිටිති.

මහනුවර දිස්ත්‍රික්කයට ප්‍රධාන අමාත්‍ය ධුරය හා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය ධුරය හිමිව තිබෙන බැවින් මාතලේ දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාගැනීමේ ප්‍රබල සටනක නිරත වී සිටින්නේ මධ්‍යම පළාත් සභාවේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

l ජේ.ඒ.එල්. ජයසිංහ