
සීනි මෙට්‍රික් ටොන් දහස් ගණනක් අඩු මිල ටෙන්ඩරයකට විකුණා දැමීම ගැන කැබිනට් ඇමැතිවරැන් ගණනාවක් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පසුගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී චෝදනා කිරීම නිසා අමාත්‍ය මණ්ඩල රුස්වීම දැඩි ලෙස උණුසුම් විය.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සහ වැඩබලන විද්‍යා තාක්ෂණ හා පර් යේෂණ අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී කරන ලද හෙළිදරව්ව අනුව සීනි සඳහා කිලෝවකට රැපියල් 12/-ක බද්දක් පැනවීමට රජය තීරණය කර තිබියදී එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර සීනි කිලෝව රැපියල් 60/- බැගින් ටෙන්ඩර් මගින් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අලෙවිකොට රජයට කෝටි ගණනක මුදලක් පාඩුකර ඇතැයි සඳහන් විය. මෙසේ රැපියල් 60/- කට අලෙවි කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10,000ක් යැයි කී අමාත්‍ය මද්දුම බණ්ඩාර මහතා දින දෙක තුනකට පසු නව බද්ද පැනවීමෙන් පසු සීනි කිලෝව රැපියල් 72/- කට අලෙවි කළ හැකිව තිබියදී මෙසේ කිරීමෙන් වාසි ලබාගන්නේ කවුදැයි දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.
එසේම සීනි මිල කිලෝව රැපියල් 89/-ක්ව තිබියදී සීනි මෙට්‍රික් ටොන් 2,000ක් රැපියල් 81/- බැගින් පෞද්ගලික අංශයට විකුණා කිලෝවකින් රැපියල් 8/- බැගින් රජයට පාඩු කළේ කව්දැයි වහා සොයාබැලිය යුතු යැයිද ඔහු කීය.
එසේම සීනි නිෂ්පාදන සමාගම් විසින් හදන එතනෝල් ලීටරයක් සඳහා රැපියල් 300/- ආනයන බද්දක් පැනවීමට ආසන්නයේදී එතනෝල් ලීටරය රැපියල් 260/- හා රැ. 275/- වැනි ගණන්වලට අලෙවි කොට මෙම අමාත්‍යංශය රජයට රැපියල් කෝටි ගණනක් පාඩු කිරීමෙන් වාසි ලැබුවේ කව්දැයි සොයා බලන ලෙස ලක්ෂ්මන් සෙනවිරත්න අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමාත්‍ය දයා ගමගේ, අමාත්‍ය චම්පික රණවක ඇතුළු ඇමැතිවරැන් ගණනාවක් මේ ගැන සිය මත ප්‍රකාශ කර ඇතත් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇමැති මණ්ඩලයට මේ ගැන විධිමත් පිළිතුරක් නොදුන් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැ ගණනාවක්ම ප්‍රකාශ කළහ.
අනතුරැව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ චෝදනා ලිඛිත සාක්ෂි සහිතව සපයන ලෙසයි. පසුව මේ ගැන රජයේ පරීක්ෂණ ආයතනයක් ලවා පරීක්ෂණයක් කරවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි කියැවේ.
පසුගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී පැය ½කට අධික කාලයක් පැවති මේ සීනි එතනෝල්වාදය නිසා අමාත්‍ය මණ්ඩලයේ දැඩි උණුසුමක් හටගත් බවද සඳහන්ය.