2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

මිල වැඩි විටමින් බෙහෙත් ඉල්ලුම ඉහළට

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 34

I සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ්වලට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය සඳහා උපකාරී වන විටමින් D සහ C මෙන්ම ZINC වැනි පෝෂක ද්‍රව්‍ය වෛද්‍ය උපදේශ මත නියමිත මාත්‍රාවන්ගෙන් ලබාගැනීමේ වරදක් නොමැති වුවද විවිධ මිල අධික ප්‍රතිජීවක ඖෂධ හිතුමතයේ අවිධිමත් ලෙස භාවිතයට ගැනීම මගින් බරපතළ හානි සිදුවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පෙන්වා දුන්නාය. ‍මෙම අවිධිමත් භාවිතය සමඟ ඇතැම් ඖෂධ වර්ග සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වාර්තා වන බවද ඇය කීවාය.

මේ වන විට පශ්චාද් කොවිඩ් නියුමෝනියාවේ අතුරු ප්‍රතිඵලයක් වන බැක්ටීරියා ආසාදිත තත්ත්වයන් වැනි බරපතළ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඇතැම් මිල අධික සහ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වර්ගද නිවෙස්ගත කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර සඳහා ලබාගැනීම ආරම්භ වීමත් සමඟ වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතයේ අවිධිමත් ලෙස ඒවා ලබාගැනීමට ඇතැමුන් හුරු වී ඇති බවත් එලෙස ක්‍රියා කිරීමෙන් පසුකාලීන ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව බඳු බරපතළ සෞඛ්‍යමය ගැටලු මතුවිය හැකි බවත් ඇය පෙන්වා දෙයි.