I සංජීවිකා සමරතුංග
දින 10කට රට වසා දැමීමෙන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 2000ක සහනාධාරය පිරිනැමීමට එක් වටයකට රුපියල් කෝටි 350ක් (රුපියල් බිලියන 3.5 ½ක්) පමණ වැය වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දැනට කර තිබෙන දළ ගණන් බැලීම අනුව මෙරට පවුල් දහහත් ලක්ෂ පනස් දහසකට පමණ මෙම ආධාරය ලබා දිය යුතුව තිබේ. එම මුදල් දැනටමත් මහා භාණ්ඩාගාරය ඒ ඒ දිස්ත්‍රික්කවල මහ දිසාපතිවරුන්ට ලබා දී ඇති බවද සඳහන්ය.