I සකීෆ් සාම් තන්වීරි
මැතිවරණ සමයේ තමාව පැරදවීමට රැපියල් දහසක වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බව පොරොන්දු වූ තොණ්ඩමන් මන්ත්‍රීවරයා වතුකම්කරැවන්ගේ සාමූහික ගිවිසුම අත්සන් නොකර ජනතාව මඟහරිමින් අසාධාරණයක් කළ බව පලනි දිගම්බරම් අමාත්‍යවරයා චෝදනා කරයි.
මෙවර වැටුප රැපියල්
දහසක් නොකර ජනතාව අතරට ගියොත් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට ගුටිකෑමට සිදුවන බවද ඇමැතිවරයා තවදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.
වතුකම්කරැ උද්ඝෝෂණය තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පමණක් නොව තමා ඇතුළු ඒකාබද්ධ වතු කම්කරැ සංගම්වල උදඝෝෂණයක් බවද දිගම්බරම් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. වැටුප් වැඩි කිරීමට ඉල්ලමින් කම්කරැවන් ගෙන යන උද්ඝෝෂණය තම වෘත්තීය සමිතිය පමණක් මෙහෙයවන බවක් පෙන්වීමට තොණ්ඩමන් මන්ත්‍රීවරයා ප්‍රෝඩාකාරී ලෙස කටයුතු කළා යැයි ඇමැතිවරයා චෝදනා කරයි.
වතු කම්කරැවන්ට ගෙවන රැපියල් 630ක මූලික වැටුප රැපියල් දහස දක්වා වැඩි කිරීමට හාම්පුතුන්ට බලකරමින් දින දහයක සත්‍යග්‍රහයක් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාත්මක කර තිබුණි. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් හාම්පුතුන් හා වෘත්තීය සංගම් අතර වසර දෙකකට වරක් ඇති කරගන්නා ඒකාබද්ධ ගිවිසුම 2013දී අවසන් විය. පසුව හාම්පුතුන්ගේ සංගමය සමග වැටුප් වැඩිකර ගැනීමට සාකච්ඡා වට 11ක් පවත්වා ඇතත් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණ නැත. පසුගිය බදාදා දින පැවැති සාකච්ඡාවෙන් පසු රැපියල් 720ක වැටුප් වැඩි කිරීමට හාම්පුතුන්ගේ සංගමය එකඟ විය.