2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් ලංකාවට ඔක්සිජන්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

I සංජීවිකා සමරතුංග

ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි අධික ඔක්සිජන් ඉල්ලුම සපුරා ගැනීමට ඔක්සිජන් මෙට්‍රික් ටොන් 200ක් ඉන්දියාවෙන් ලබාගැනීමට රජය සැලසුම් කර තිබේ. එයින් කොටසක් පරිත්‍යාගයක් බවද වාර්තා වෙයි. ඉතිරි කොටසට මුදල් ගෙවිය යුතුය. දැනටමත් සෞඛ්‍ය බලධරයන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම මිලදී ගැනීම සංවිධානය කෙරෙමින් පවත්නා බව දැනගන්නට ඇත.

මුලින්ම අවශ්‍ය ඔක්සිජන් තොගය කොපමණදැයි තීන්දු කළ පසු ඉන්දීය නාවික හමුදා යාත්‍රාවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔක්සිජන් සැපයීම ඉන්දීය රජයේ සැලසුමයි. ලංකා ඔක්සිජන් සමාගම ඇතුළු සමාගම් හරහා ඒවා මෙරටට ගෙන්වීමට ඖෂධ සංස්ථාවද මැදිහත්ව සිටී.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00