2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

තව සති 2කින් රටෙන් බාගෙකට එන්නත්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

I දේශපාලන වාර්තාකරු

මෙම මස 22දා වන විට මෙරට එන්නත් අවශ්‍ය වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 50%කට එන්නත් ලබා දී හමාර කළ හැකි වෙතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට කීය. එම සංඛ්‍යාව ලක්ෂ 120ක් පමණ වන බවද ඔහු පැවසීය.

ලෝකයේ විවිධ රටවල නිෂ්පාදිත එන්නත් වර්ග 5ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතී.
මෙයින් බහුතර එන්නත් තොග චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත්ය. ආරක්ෂක අංශ පසුගියදා දවසේ පැය 24 පුරාම එන්නත්කරණය සිදු කළ අතර ඇතැම් දිනවල එන්නත් මාත්‍රා ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබිණි. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළකර තිබූ බව ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00