2021 ජුලි 31 වන සෙනසුරාදා

මංගලගෙන් බෞද්ධයන්ට පොතක්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 182

ගයාන් ගාල්ලගේ |

තමන් විසින් මේ දිනවල බෞද්ධයන් වෙනුවෙන් "සැබෑ බෞද්ධයකුගේ විලාපය" නමින් පොතක් රචනා කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දේශයට පැවසීය.

මෙරට ක්‍රියාත්මක වන්නේ සැබෑ බෞද්ධ දර්ශනය නොව මිත්‍යාදෘෂ්ටිවාදයක් බවත් තමන් මෙන්ම ඉදිරියටත් එකී මිත්‍යාවට පහරදෙන බවත් ඔහු කීය.

විශේෂයෙන් තමන් බෞද්ධ විරෝධියකු ලෙස බොහෝ දෙනා කීවත් තමන් සැබෑ බෞද්ධයකු බව ඔහු  වැඩිදුරටත් සඳහන් කර සිටියේය.