2021 ජුලි 31 වන සෙනසුරාදා

කොරෝනා නැග්ගේ ඩෙල්ටා නිසාම නොවේ - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

I සුගත් පී. කුලතුංගආරච්චි 

සංචරණ සීමා ලිහිල් කළ පසුගිය 25 වැනිදා සිට 30දා දක්වා දින 5ක කාලය තුළ පමණක් කොරෝනා ආසාදිතයන් 10000කට ආසන්න (9352ක්) පිරිසක් අලුතෙන් වාර්තා වී ඇත. මරණ සංඛ්‍යාව 270කි.

මේ දිනවල දක්නට ඇති කොරෝනා හදිසි වැඩිවීම සඳහා ඩෙල්ටා මාදිලියේ යම් සම්මාදමක් නැතැයි පැවසිය නොහැකි බවත්, සීමා ලිහිල් කිරීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය වැඩි වී ඇතැයිද එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. 

පසුගිය 25 වැනිදායින් ඇරඹි සතිය තුළ පි.සී.ආර්. පරීක්ෂණවලට සාපේක්ෂව ආසාදිතයන්ගේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට හැකිය. ඉනුත් 28 දා පී.සී.ආර්. 12887ක් සහ ඇන්ටිජන්ට් පරීක්ෂා 5709ක් සිදු කර තිබුණි. මේ දිනයේ පසුගිය මැයි මාසයෙන් පසු මුල්වරට ආසාදිතයන් 1940ක් වාර්තා වූ අතර මරණ 63ක් වාර්තා විය. පි.සී.ආර්. පරීක්ෂණ 14147ක් සහ ඇන්ටිජන්ට් පරීක්ෂණ 5615ක් සිදු කළ ඉකුත් 29දා වන විට ආසාදිතයන් 2370ක් සහ මරණ 66ක් දක්වා හදිසි ඉහළ යාමක් වාර්තා විය. මේ සඳහා ඩෙල්ටා මාදිලිය පැතිර යාමේ යම් සම්මාදමක් ඇතැයි සැක කළ හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි. 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00