2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ජනපති කාර්යාල නිර්දේශය ව්‍යවස්ථා සභාව අත්හිටුවයි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220


පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ (ඇපෑල් උසාවියේ) සභාපති ධුරය සඳහා ජනාධිපති කාර්යාලය විසින් නිර්දේශ කරන ලද නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අත්හිටුවා ඇතැයි දේශයට වාර්තා වෙයි.

අප වෙත වාර්තාවන ආකාරයට අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මියගේ නම සභාපති ධුරය සඳහා ජනාධිපති කාර්යාලය යෝජනා කර තිබිණි.

එහෙත් වල්ගම විනිසුරුතුමියට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු සහ විනිසුරැවරියක සිටින නිසා ඒ ගැන රජය වෙත ලැබුණ සැලකිරීම් සලකා මෙම නාමයෝජනාව තාවකාලිකව අත්හිටුවා නව නාමයෝජනාවක් ඉල්ලා සිටීමට ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

l දේශපාලන වාර්තාකරු