
ජාතික වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උඩරට සංචාරය සංවිධානය කිරීම සම්බන්ධයෙන් වතුකර දේශපාලන නායකයන් අතර සටනක් හටගෙන තිබේ.
මෙම සටන හටගෙන ඇත්තේ ලංකා කම්කරු කොංග්රස් නායක ආරැමුගම් තොණ්ඩමන් මහතා සහ අමාත්‍ය පී. දිගම්බරම් මහතා අතර බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට මැයි මස 12දා මෙරටට පැමිණෙන ඉන්දීය නායකයා සිය දෙදින නිල චාරිකාව තුළ ඉන්දීය රජයේ ආධාරයෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ ඉදිකළ රෝහලක් විවෘත කිරීමට වතුකරයට යයි. ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් හැටන් නගරයේදී ප්‍රසිද්ධ ජනරැලියක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. එම රැලිය සංවිධානය ඉන්දීය තානාපති අංශ විසින් පවරා ඇත්තේ අමාත්‍ය පී. දිගම්බරම්ටය. එහෙත් ඉන්දු-ලංකා කවුන්සිලයේ සභාපති ලෙස ලංකා කම්කරු කොංග්රස් නායක ආරැමුගම් තොණ්ඩමන් මහතා ඉන්දීය තානාපති කාර්යාලයට ඒ ගැන සිය දැඩි විරෝධය පළකර තිබේ. මේ සම්බන්ධව හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා සංවිධායකවරැන් දැඩි වෙහෙසක් දැරූ නමුත් මේ දක්වා ප්රශ්නය සමතයකට පත්ව නැත.
l සංජීවිකා සමරතුංග