2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ලියාපදිංචිය ඉල්ලූ පක්ෂවලට පරීක්ෂණ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

අලුතින් ලියාපදිංචි වීම සඳහා අයැදුම්පත යොමුකළ දේශපාලන පක්ෂ සඳහා විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

ඒ අනුව එම සියලු පක්ෂවල නායකයන් සහ නියෝජිතයන් මේ දිනවල කොමිසම වෙත කැඳවන බවත් ඔවුන්ගෙන් වාචිකව සහ ලිඛිතව කරුණු විමසීම් රැසක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම පරීක්ෂණවලින් පසුව ලියාපදිංචියට නුසුදුසු පක්ෂ තෝරා ඉවත්කරන බවද හෙතෙම කීය.