2021 ජුලි 10 වන සෙනසුරාදා

රට හාල් ගෙන්වනවාට මෝල්කාරයෝ කිපිලා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

I ව්‍යාපාරික වාර්තාකරු

දිනෙන් දින ඉහළ යන අධික සහල් මිල පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට රජය ගෙන ඇති තීරණය වෙනස් කරවා ගැනීමට පොළොන්නරු සහල් මෝල් හිමියන් රජයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් දේශය මේ ගැන විමසීමක් කළ අතර ඔහුද පුවත සනාථ කළේය. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කළහොත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරය අඩාල වන බැවින් ආරක්ෂිත තොගය ලෙස මෙට්‍රික් ටොන් 5,000ක් පමණක් ආනයනය කරන්නැයි මෝල් හිමියන් සිය අමාත්‍යාංශයට බලපෑම් කළ බවද අමාත්‍යවරයා කීය.

රජය සහල් ආනයනයට තීන්දු කිරීමත් සමඟ රජරට සහල් වෙළෙඳුන් වී මිලදී ගැනීම සඳහා නියම කර තිබූ මිල ගණන් පහත දමා ඇති බව පැවසූ අමාත්‍ය ගුණවර්ධන ඔවුන් කවර බලපෑම් එල්ල කළත් තමන්ගේ වගකීම පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් සැපයීම නිසා රජයේ පාලන මිලට සහල් සැපයීම පිණිස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය ආනයනය කරන බවද පැවසීය.