I සුගත් පී. කුලතුංගආරච්චි
කොවිඩ් රෝගයට පසුව දරුවන් තුළ හටගන්නා සිරුරේ ඉන්ද්‍රියයන් සහ පද්ධති ඉදිමීමේ රෝගය හෙවත් MIS - C නමැති රෝගයට ගොදුරු වූ දරුවන් කොළඹට අමතරව වැලිමඩ, කුරුණෑගල, කරාපිටිය, වලස්මුල්ල වැනි මෙරට ප්‍රදේශ කිහිපයකදීම වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යයා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත කියයි.
ළමයින්ට පමණක් වැළඳෙන ප්‍රතිශක්තිය සමඟ බැඳුණු රෝගී තත්ත්වයක් ලෙස මෙය හඳුන්වාදෙන ඔහු, මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දරුවන් 4දෙනෙකු එම රෝගයට ප්‍රතිකාර ලබන අතර තවත් 20 දෙනකු පමණ ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි “දේශයට” පැවසීය.
බොහෝ විට අවුරුදු 8-15 අතර දරුවන්ට කොවිඩ් වැළඳුණු විට ඒ ගැන හඳුනාගැනීමට අවශ්‍ය මූලික රෝග ලක්ෂණ නොපෙන්වන බවත් ඒ නිසා පසුව මේ රෝගයට ගොදුරුවිය හැකි දරුවන් කලින්ම වෙන්කර හඳුනාගැනීම අපහසු වී ඇති බවත් ඔහු කියයි. මේ නිසා රෝහල් ගතව සිදුකරන වෛද්‍ය පරීක්ෂාවකින් එය හඳුනාගෙන වහාම ප්‍රතිකාර කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.