2021 ජුනි 26 වන සෙනසුරාදා

බැසිල්ට අසුන දෙන්න දෙන්නෙක් සූදනම්

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 21

I දේශපාලන වාර්තාකරු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පැමිණෙන්නේ නම් ඔහුට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන පිරිනැමීමට පොහොට්ටුවේ මන්ත්‍රීන් දෙදෙනකු ප්‍රතිඥා දී තිබේ.

ඒ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරුය. දේශය මේ ගැන සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු ඒ බව සනාථ කළේය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා මැතිසබයට කවදා පැමිණේද යන්න ගැන තමන් තුළ අදහසක් නැතැයිද ඔහු කීය.

ඒ අතර කොළඹ දේශපාලන අංශවල පැතිර යන ආරංචියකින් කියැවෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට පැමිණ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය පදවිය භාරගනු ඇති බවය.