සුගත් පී. කුලතුංගආරච්චි |
දෙමටගොඩින් හමු වූ මාරාන්තික ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදය සෑම සති දෙකකට වරක්ම දෙගුණ වෙමින් පැතිරෙන නිසා අතිශය භයානක තත්ත්වයක් හටගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර දේශයට පැවසීය.
මෙම භයානක වෛරසය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 1ක් ලබාගත් අයටද පහසුවෙන් බෝවන අතර දැනට ලොව රටවල් 74ක පැතිරීම නිසා බොහෝ රටවල් හා පාලන ප්‍රදේශ සහමුලින් වසා දමා තිබේ.
රෝගය පැතිරීමේ වේගය 50ක් පමණ වන නිසා මෙය වහා පාලනය සඳහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කළ යුතු බවත් ආචාර්ය ජීවන්දර සඳහන් කළේය.
රෝගය පාලනය නොකළොත් දුර්වල ප්‍රතිශක්තිය ඇති අය සදාකාලික බිහිරි බවට පත්වීමටද ඉඩ ඇති බව ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙයි.