
සුගත් පී. කුලතුංගආරච්චි l
ලංකාවේ ප්‍රදේශ 9කින් වාර්තා වූ “ඇල්ෆා” ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදිතව සිටි කොවිෂීල්ඩ් එන්නත සම්පූර්ණ මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය සේවකයන් සියලුදෙනාම පාහේ ඉන් සුවය ලබා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා දේශයට පැවසීය.
“ඇල්ෆා” සහ “ඩෙල්ටා” ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය සහ ඉන්දීය කොවිඩ් වෛරස ආසාදිතයන් සහ ලංකාව තුළින් හමුවූ නව වෛරස මාදිලිය වන B.1.411 ආසාදිත එක් අයෙක්ද සිය වෛරස ජාන අනුක්‍රමිකතා පර්ෙය්ෂණ මගින් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ව්‍යාප්තියක් පෙන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කීවේය.
තමන්ට ඉකුත් 9දා වනවිට ලැබී තිබූ ජෛව නියැඳි පරීක්ෂාවන්ට අනුව මේ වනවිට වන B.1.1.7 (ඇල්ෆා) ආසාදනය වූ කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 9 කින් හමුව ඇති බව ඔහු කීය. කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම එම ප්‍රදේශයන්ය. එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවූ බවද ලංකාව තුළින් මතුවු නව වෛරස මාදිලිය වන B.1.411 ආසාදිත එක් අයෙක් තිස්සමහාරාම ප්‍රදේශයෙන්ද වාර්තා වූ බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කීය.